අබ්නේර් ගිබියොන්හි සටනේදී තමුන්ගේ සහෝදරවූ අසාහෙල් මැරූ නිසා යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබීෂයිද මෙසේ ඔහු මරාදැමුවෝය.
ඔවුන් ගිබියොන්හි තිබෙන මහ ගල ළඟ සිටියදී අමාසා ඔවුන් ඉදිරියට ආයේය. යෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඒ උඩ ඉඟ පටියක් බැඳගන උන්නේය, කඩුවක්ද කොපුවේ දමා ඔහුගේ ඉඟටියේ එයින් බැඳ තිබුණේය; ඔහු පිටතට යද්දී ඒක වැටුණේය.
යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.
ලේ වල පළිය ගන්න තැනැත්තේම මිනීමරන්නා මරාවා. ඔහු සම්බවූවිට ඔහු මරාවා.
ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා ම්ලේච්ඡයෝ දැක: ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙක්ය, ඔහු මුහුදෙන් ගැළවුණ නුමුත් ඔහුට ජීවත්වෙන්ට යුක්තිය තෙමේ ඉඩ නොහරින්නේය කියා කථාකරගත්තෝය.