අබ්නේර් බෙන්යමින්වරුන් සමඟත් කථාකෙළේය. ඉන්පසු අබ්නේර් ඉශ්‍රායෙල්වරුන්ටද මුළු බෙන්යමින් වංශයටද හොඳව පෙනුණු සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ටත් කියන්ට ගියේය.
මෙසේ අබ්නේර්ද ඔහු සමඟ මනුෂ්‍යයන් විසිදෙනෙක්ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමුණුණෝය. දාවිත් අබ්නේර්ටන් ඔහු සමඟ සිටි මනුෂ්‍යයන්ටත් මංගල්‍යකෑමක් පිළියෙළ කෙළේය.
සාවුල්ගේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ගෙන් තුන්දහසක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය.
එප්‍රායිම් පුත්‍රයන්ගෙන් බලවන්තයෝව තමුන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයෝව සිටි විසිදාස් අටසිය දෙනෙක්ය.
ඔවුන්ගේ ආණ්ඩුකාරයා වන කුඩා බෙන්යමින්ද යූදාගේ අධිපතීන් හා මන්ත්‍රී සභාවද සාබුලොන්ගේ අධිපතීන් හා නප්තලීගේ අධිපතීහුද එහි සිටිති.