ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන ලායිෂ්ගේ පුත්‍රවූ පල්ටියෙල් වෙතින් ඈ ගෙන්නෙවුවේය.
තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,
තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.
ඇගේ පුරුෂයා ඈ සමඟ ගොස් බහුරීම් දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේය. එවිට අබ්නේර්: හැරී යන්නැයි ඔහුට කීය. ඔහු හැරී ගියේය.
ඉස්සාකර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අස්සාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පල්තියෙල්ය.
සාවුල් විසින් දාවිත්ගේ භාර්යාවවූ තමාගේ දුවවූ මීඛල් ගල්ලීම්හි විසූ ලායිෂ්ගේ පුත්‍රවූ පල්තීට දෙනලද්දීය.