Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 3:13

Sinhala Revised Old Version

දාවිත්ද කථාකොට: යහපත; මම නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් නුඹ විසින් එක දෙයක් කළ යුතුය, එනම් නුඹ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් නුඹ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.

ඔබද: නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස නැත්නම් නුඹලා තවත් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඔබගේ මෙහෙකරුවන්ට කීයෙහිය.

එවිට අපි–අපට යන්ට බැරිය. අපේ බාල සහෝදරයා අප සමඟ යන්නේ නම් යමුව. මක්නිසාද අපේ බාල සහෝදරයා අප සමඟ නොගියොත් ඒ මනුෂ්‍යයාගේ මුහුණ දකින්ට අපට අවසර නොලැබෙන්නේයයි කීමුව.

එවිට අබ්නේර් තමා වෙනුවෙන් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවා: දේශය කාට අයිතිදැයි කියාත් ඔබ මා සමඟ ගිවිසුමක් කළොත් සියලු ඉශ්‍රායෙල්වරුන් ඔබ වෙත හරවාගන්නා පිණිස මාගේ අත ඔබ සමඟ වන්නේය කියාත් කියන්ට කීවේය.

ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙනවිට, සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා රජවූ දාවිත් පනිනවාත් නටනවාත් දැක, ඇගේ සිතින් ඔහු හෙළා දැක්කාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්