ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය.
එහෙත් යෝවාබ්ගේද සේනාපතීන්ගේද වචනය යටපත් වී රජුගේ වචනය ස්ථිරවිය. යෝවාබ්ද සේනාපතීහුද ඉශ්‍රායෙල් සෙනඟ ගණන්කරන පිණිස රජු ඉදිරියෙන් පිටත්ව ගියෝය.
අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.
මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ.
රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය.
ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,
අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද;
අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.
ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,
ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,
එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,
අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද;