මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිසදැයි ඇසුවේය. වසංගතය සෙනඟගෙන් පහවෙන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට පාවර නුඹෙන් මිලේට ගැනීමටයයි දාවිත් කීවේය.
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
අරව්නා බැලූ විට රජුද ඔහුගේ සේවකයන්ද තමා වෙතට එනවා දැක පිටතට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැඳ:
යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය.
එවිට දාවිත්: සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට කමතේ ඉඩම මට දෙන්න; සම්පූර්ණ මිල ගණනට ඒක මට දෙන්ට ඕනෑයයි ඔර්ණාන්ට කීවේය.
එවිට පීනෙහාස් නැගිට යුක්තිය ඉෂ්ටකෙළේය. මෙසේ වසංගතය නවත්වනලද්දේය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.