එදින ගාද් දාවිත් ළඟට අවුත්: නුඹ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
දාවිත් උදයේ නැගුටුණු කල දාවිත්ගේ දර්ශකයා වන ගාද් ප්‍රොපේතවරයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ:
දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ගාද්ගේ කීමේ හැටියට නැගී ගියේය.
එකල සාලමොන් යෙරුසලමෙහි තමාගේ පියවූ දාවිත්ට ස්වාමීන්වහන්සේ පෙනුණු මොරියා කන්දේ යෙබූසියවූ ඔර්ණන්ගේ කමතේ දාවිත් විසින් නියමකළ ස්ථානයෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.
ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය.