Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 23:24

Sinhala Revised Old Version

යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල් වනාහි තිස් දෙනාගෙන් එක්කෙනෙක්ය; තවත් අය නම් බෙත්-ලෙහෙම්හි දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.

ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.

නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්-ලෙහෙමිය යාරේ-ඔරෙගීම්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩක් හා සමානය.

ඔහු තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක්ය, එහෙත් පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය. දාවිත් තමාගේ මුරකාරයන් කෙරෙහි ඔහු අධිපතියා කෙළේය.

සේනාවල බලවන්තයෝ නම්: යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, බෙත්-ලෙහෙමේ දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;

හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, ඔහුට පසුව ඔහුගේ පුත්‍රවූ සෙබදියාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්