Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 23:15

Sinhala Revised Old Version

දාවිත් තද ආශාවක් ඇත්තේ: අනේ බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර කවුරුවත් මට බොන්ට ගෙනත් දෙනවා නම් හොඳයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

මෙසේ රාඛෙල් නැසී එප්‍රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය.

එවිට ඒ බලවන්තයන් තුන්දෙනා පිලිස්තිවරුන්ගේ සේනාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් ඔහු ඒවා බොන්ට අකැමැතිව ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට:

දාවිත්තද ආශාවෙන් කියනුයේ: අනේ බෙත්-ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කවුරුවත් මට බොන්ට වතුර ගෙනත් දුන්නොත්! කියා කීවේය.

මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.

දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.

අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.

මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.

යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.

නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.

මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්