මට ද්වේෂකරන්නන් මා විසින් සිඳදමන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටිපාන්ට සැලැස්වූසේක.
එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි.
එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී නුඹලාගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.