උන්වහන්සේ අන්ධකාරයද ජලරාශිය වන අහසේ ඝන වලාකුල්ද තමන් වටකොට මණ්ඩපයන් කරගත්සේක.
උන්වහන්සේ අහස නමාගෙන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය.
රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.
නුමුත් වලාපටලයේ පැතිර යාම වන උන්වහන්සේගේ මණ්ඩපයේ ගර්ජනා යමෙකුට තේරුම්ගත හැක්කේද?
මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.