උන්වහන්සේ අහස නමාගෙන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය.
එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ කීසේක.
ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.
ස්වාමිනි, ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව. කඳු ස්පර්ශකළ මැනව, එවිට එයින් දුම් නගින්නේය.
වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.
සෙනඟ එසේ දුරින් සිටියෝය, මෝසෙස්ද දෙවියන්වහන්සේ සිටි ඝනාන්ධකාරය ළඟට පැමුණුණේය.
අපි ඔබ විසින් කිසිකලක ආණ්ඩු නොකළවුන් මෙන්ද ඔබගේ නාමය නොදැරූ අය මෙන්ද වී සිටිමුව.
ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය.
සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
නුඹලා වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය.