ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.
ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.
(සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්-ඉශ්‍රායෙල්හි රජකම්කරන්ට පටන්ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස්ව සිටියේය, ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේය.) නුමුත් යූදා වංශය පමණක් දාවිත්ට ඇලුම්වුණේය.
සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.
සාවුල්ගේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ගෙන් තුන්දහසක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය.
එප්‍රායිම් පුත්‍රයන්ගෙන් බලවන්තයෝව තමුන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයෝව සිටි විසිදාස් අටසිය දෙනෙක්ය.
ගිලියද් මාගේය; මනස්සේ මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය.
ආෂෙර්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;
තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මුහුද ළඟ කෙළවරවුණේය. එප්‍රායිම් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණු උරුමය වනාහි,
එය සහ මනස්සේ පුත්‍රයන්ගේ උරුමය තුළ එප්‍රායිම් පුත්‍රයන්ට වෙන්කරන්ට යෙදුණු සියලු නුවරවල්ද ඒවායේ ගම්ද වේ.
යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.
බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය.
එහි නැගෙනහිර පැත්තේ සීමාව නම් යොර්දානය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට, වටකර සීමාවල හැටියට, ඔවුන්ගේ උරුමය මේය.
ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,
එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.
ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය; මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය.
පිලිස්තිවරු තමුන්ගේ සියලු සමුදාවල් අපේක්ට රැස්කළෝය. ඉශ්‍රායෙල්වරුද යෙස්‍රෙයෙල්හි තිබෙන උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය.