එවිට දාවිත්ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම්ද කර්මෙලිය නාබල්ගේ භාර්යාවව සිටියාවූ අබිගායිල්ද එහි ගියෝය.
ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය;
දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.
දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය.