Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 18:12

Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයාද: මට අත්පිට රිදී දහසක් ලැබුණත් රජුගේ පුත්‍රයාට විරුද්ධව මාගේ අත දිගුනොකරමි. මක්නිසාද කවුරුවත් අබ්සලොම් යෞවනයාට අත නොගසන ලෙස බලාගන්නය කියා අප අසාගන සිටියදී රජ්ජුරුවෝ ඔබටත් අබිෂයිටත් ඉත්තයිටත් අණකළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

යෝවාබ් තමාට එපවත් කී මනුෂ්‍යයාට කථාකොට: එසේ දුටු නුඹ එහිදී ඔහු ගසා නොහෙළුවේ මක්නිසාද? එසේ කෙළෙහිනම් රිදී දසයක්ද ඉඟපටියක්ද මම නුඹට දෙන්නෙමියි කීවේය.

රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය.

තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්