එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය.
අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.
ඒ කීමට අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද ප්‍රසන්න වූහ.
හූෂයි අබ්සලොම් ළඟට ආ කල්හි අබ්සලොම් ඔහුට කථාකොට: අහිතොපෙල් මේ ආකාරයෙන් කථාකෙළේය. ඔහුගේ කීම ලෙස කරමුද? නැත්නම් නුඹ කථාකරන්නැයි කීය.
ඔවුන්ට කථාකොට: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලුකළමැනවැයි මට කීවාවූ මේ සෙනඟට අප විසින් උත්තර දෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය.