ඔහු වෙහෙසව අත්හෙළා සිටියදී මම ඔහුට විරුද්ධව පැමිණ ඔහු භයගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලායනවා ඇත; මම රජුට පමණක් පහරදී,
රජද තමා වෙත සිටි මුළු සෙනඟ සමඟ වෙහෙසව ඇවිත් එහි විඩා සන්සිඳුවාගත්තේය.
තවද අහිතොපෙල් අබ්සලොම්ට කථාකොට: මනුෂ්‍යයන් දොළොස් දහසක් තෝරාගෙන අද රාත්‍රියේ පිටත්ව දාවිත් පස්සේ එළවාගන යන්ට මට අවසර ලැබේවා.
සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.
ඔවුන්ගේ අපරාධය නොවැසුවමැනව, ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක්නිසාද ගොඩනගන්නන් ඉදිරිපිටදී ඔව්හු ඔබ උදහස්කළෝය.
එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.
නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට,
එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධාවන්නහුය. මක්නිසාද මම එඬේරාට පහරදෙන්නෙමි, එකල රැළේ බැටළුවෝ විසිරවනු ලබන්නෝයයි ලියා තිබේ.
මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය.
එනම් ඔහු දෙවියන්වහන්සේට භයනොවී, නුඹ ක්ලාන්තව වෙහෙසව සිටි කල මගදී නුඹට සම්මුඛව, නුඹලාට පස්සෙන් ආවාවූ සියලු දුර්වලයන්ට පහරදුන් හැටි සිහිකරන්න.