යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
රජ පූජකවූ ශාදොක්ට තව දුරටත් කථාකොට: නුඹට තේරෙනවාද? නුඹේ පුත්‍රවූ අහිමයාශ්ද අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද යන නුඹලාගේ පුත්‍රයන් දෙදෙනා සමඟ සමාදානයෙන් නුවරට හැරීයන්න.
පූජකවූ ශාදොක් සහ අබියාතර් නුඹ සමඟ එහි සිටිනවා නොවේද? එබැවින් රජ ගෙදරින් අසන්ට ලැබෙන කොයි දෙයක් නුමුත් නුඹ පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් දන්වාපන්න.
ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් හා අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද එහි ඔවුන් සමඟ සිටිති; නුඹලා දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැයි කීවේය.
ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනාතාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළට එන්න; නුඹ විශ්වාස මනුෂ්‍යයෙක්ය, නුඹ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවේය.
අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.
ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.
එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය.