දාවිත්ටත් දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල්ගැසීය. මුළු සෙනඟද සියලු බලවන්තයෝද දාවිත්ගේ දකුණු පසෙහිද වම් පසෙහිද සිටියෝය.
දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,
ෂිමෙයි දෙස් තබමින් කියනුයේ: මිනීමරු මනුෂ්‍යය, දුර්ජන මනුෂ්‍යය, යන්න, යන්න.
කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි.