තෙකෝවාහි ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි ඒ දෝෂය මා පිටත් මාගේ පිය වංශය පිටත් වේවා. රජද රජුගේ සිංහාසනයද නිර්දෝෂවේවයි රජුට කීවාය.
ඔහුගේ මවු: මාගේ පුත්‍රය, නුඹේ ශාපය මා කෙරෙහි වේවා. නුඹ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය.
මම ඔහු වෙනුවට ඇපකාරයෙක් වන්නෙමි; ඔබ මා අතින් ඔහු ඉල්ලනු මැනවි. ඉදින් මම ඔබ වෙතට ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි නොසිටෙවුවෙම් නම්, ඒ දෝෂය හැම කල්හි මා පිට වේවා.
රජද: නුඹට විරුද්ධව කථාකරන අය මා ළඟට ගෙනෙන්න, එවිට ඔහු තවත් නුඹට අතනොගසන්නේයයි කීවේය.
රජද: නුඹ ගෙදර යන්න, මම නුඹ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.
ඔවුන්ගේ ලේ යෝවාබ්ගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවිත්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය.
එසේ නුඹලා වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය.
මුළු සෙනඟ උත්තර දෙමින්: ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි කීවෝය.
ඔහුගේ පාමුල වැටී කථාකොට: ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. ඔබට කථාකරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා, ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි.