එවිට ඒ ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට වචනයක් කියන්ට ඔබගේ දාසීට අවසර ලැබේවයි කීවාය. කියන්නැයි ඔහු කීවේය.
ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි.
ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවන සේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝයයි කීය. උන්වහන්සේද: දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමියි කීසේක.
එවිට යූදා ඔහුට ළංවී: අහෝ, ස්වාමීනි, ඔබගේ දාසයාට මාගේ ස්වාමීන් ඉදිරියෙහි වචනයක් කියන්ට අවසර ලැබේවා, ඔබගේ උදහස ඔබගේ මෙහෙකරුවාට විරුද්ධව නොඇවිළේවා. මක්නිසාද ඔබ ඵාරාවෝ හා සමානය.
එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.
ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රී: ඔබ යෝවාබ්දැයි ඇසුවාය. ඔහුද: එසේයයි උත්තරදුන්නේය. එවිට ඈ: ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුවමැනවියි ඔහුට කීවාය. ඔහුද: මම අසමියි කීවේය.
තවද ඔහු: නුඹට කාරණයක් කියන්ට මට තිබේයයි කීවේය. කියන්නැයි ඈ කීවාය.
ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?
එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිගුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය–
ඔහුගේ පාමුල වැටී කථාකොට: ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. ඔබට කථාකරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා, ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි.