රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම්ව තිබෙන බව ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ට දැනුණේය.
අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශාවිය.
එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: නුඹ වැලපෙන්නාක්මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී,
එවිට රජ බොහෝසෙයින් කම්පාවී, දොරටුවේ උඩුමහලට නැගී ගොස් ඇඬුවේය. ඔහු යමින්ම: අහෝ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! නුඹ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රයයි කීවේය.
රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය.
රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය.
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගයිල්ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයිද යෝවාබ්ද අසාහෙල්ද යන තුන්දෙනාය.
බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.