Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 13:6

Sinhala Revised Old Version

මෙසේ අම්නොන් ලෙඩින් ඉන්නාක්මෙන් වැතිර උන්නේය. රජු අම්නොන් බලන්ට ආ කල ඔහු රජුට කථාකොට: මා විසින් මාගේ සහෝදරීවූ තාමර්ගේ අතින් කන පිණිස ඈ මාගේ ඇස් ඉදිරියේදී රොටි දෙකක් සාදාවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදන්නැයි කීය.

යොනාදාබ්ද: නුඹ ලෙඩින් ඉන්නාක්මෙන් නුඹේ යහනේ වැතිර හිඳ නුඹේ පියාණන් නුඹ බලන්ට ආකල ඔහුට කථාකොට–මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය.

එවිට දාවිත්: නුඹේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය.

උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්