Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 13:32

Sinhala Revised Old Version

තවද දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් කථාකොට: රජුගේ පුත්‍රයන් වන ඒ යෞවනයන් සියල්ලන්ම ඔව්හු මැරුවෝයයි මාගේ ස්වාමියා නොසිතාවා; අම්නොන් පමණක් මළේය. මක්නිසාද අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බුකළදා පටන් අබ්සලොම් විසින් එය නියමකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.

නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.

ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය.

බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි; එසේය, ඔහු නපුරුකම ගැබ්ගෙන, බොරුව ප්‍රසූතකෙළේය.

එවිට යෙස්සේ ෂම්මා ඔහු ළඟින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්