නුමුත් අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළේය, එවිට ඔහු අම්නොන්ද රජුගේ සියලු පුත්‍රයන්ද ඔහු සමඟ යන්ට ඉඩදුන්නේය.
එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු නුඹ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.
අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට–අම්නොන්ට පහරදෙන්නැයි මා නුඹලාට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. නුඹලාට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය.