Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 13:25

Sinhala Revised Old Version

රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් නුඹට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාද කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ඔහු රජු වෙතට ඇවිත් කථාකොට: ඔබගේ මෙහෙකරුවාට බැටළුලොම් කපන්නෝ සිටිති; ඉතින් රජුද තමන්ගේ සේවකයන්ද ඔබගේ මෙහෙකරුවා සමඟ අවමැනවියි කීවේය.

එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු නුඹ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.

යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.

එවිට ස්වාමියා දාසයාට කථාකොට: නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය.

නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.

ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.

බලව, බෝවස් බෙත්-ලෙහෙමේ සිට අවුත්: ස්වාමීන්වහන්සේ නුඹලා සමග වේවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්