අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය.
ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.
නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.
එසේ යෙස්‍රෙයෙලිය නාබොත්: මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමියි කී වචනය නිසා ආහබ් ශෝකව අසන්තෝෂව තමාගේ ගෙට ගොස්; ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේය.
යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා නුඹලාට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස නුඹලා දිවුරවමි.
මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.