එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය.
තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය.
රජද: නුඹ ගෙදර යන්න, මම නුඹ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.
නුමුත් උන්වහන්සේ හැරී ඔවුන්ට තරවටුකළසේක.
එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, නුඹ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන නුඹ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, නුඹම එම දේවල් කරන නිසා නුඹටම වරද තබාගන්නෙහිය.
මක්නිසාද එය තිබෙන්නේ මාගේ පුත්‍රවූ යොනාතාන් කෙරෙහි වුණත්, ඉශ්‍රායෙල් ගළවන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු නසින්නටම ඕනෑයයි කීවේය. නුමුත් මුළු සෙනඟ අතරෙන් කිසිවෙක් ඔහුට උත්තර දුන්නේ නැත.
මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.
නුඹ කළ මේ දෙය හොඳ නැත. නුඹලා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන නුඹලාගේ ස්වාමියා රැකවල් නොකළ නිසා ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹලා මරණයට සුදුස්සෝය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් දැන් කොහේද කියා බලන්නැයි කීවේය.