එබැවින් මා විසින් ඒ නුවර අල්ලා ගැනීමෙන් ඊට මාගේ නාමය නොලැබෙන පිණිස ඔබ ඉතිරි සෙනඟ රැස්කරගෙන නුවරට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත මැනවියි කියන්ට කීවේය.
යෝවාබ් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවමින්: රබ්බාට විරුද්ධව යුද්ධකෙළෙමි, ජල නුවරද අල්වාගතිමි.
දාවිත් වනාහි මුළු සෙනඟ රැස්කරගන රබ්බාට ගොස් ඊට විරුද්ධව සටන්කොට එය අල්වාගත්තේය.
තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත.