උරියා ඔහු ළඟට ආ කල දාවිත් යෝවාබ්ගේද සෙනඟගේද සැපසනීපත් යුද්ධය කෙරීගනයන හැටිත් ඔහුගෙන් විචාළේය.
ඔහු සුවසේ සිටීදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. සුවසේ සිටියි. අන්න, බැටළුවන් සමඟ අර එන්නී ඔහුගේ දියණියවූ රාඛෙල්යයි ඔව්හු කීවෝය.
ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.
එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය.
මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය.
දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.