Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 11:24

Sinhala Revised Old Version

එවිට දුනුවායෝ පවුරේ සිට ඔබගේ සේවකයන්ට විද්දෝය; රජ්ජුරුවන්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මළෝය, හිත්තීය උරියා නම්වූ ඔබගේ සේවකයාත් මළේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව.

එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: නුඹ යෝවාබ්ට මෙසේ කියන්න–මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය.

අපි ඔවුන්ට විද්දෙමුව; හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි කියති.

එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්