මෙසේ පණිවිඩකාරයා ගොස් යෝවාබ් තමා අත කියා හැරිය සියල්ල දාවිත්ට දැන්නුවේය.
යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? නුඹලා එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි නුඹට කීවොත්–ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.
පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව.