Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 සාමුවෙල් 10:19

Sinhala Revised Old Version

එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

තවද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර් ප්‍රාත් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්ට යද්දී දාවිත් ඔහුටත් පහරදී,

දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.

තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.

හදර්එසෙර්ගේ සේවකයෝ තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක දාවිත් සමඟ සමාදානවී ඔහුට මෙහෙකළෝය. සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට කැමති නොවූහ.

ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.

රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ.

ඒ ප්‍රස්තාවේ යෝෂුවා හැරී ඇවිත් හාශොර් අල්වාගෙන එහි රජුට කඩුවෙන් පහරදුන්නේය. මක්නිසාද හාශොර් ඉහතදී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නුවරව තිබුණේය.

අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේයයි කියමින් ඈ ගැන අඬා විලාප කියති.

අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්