නුඹ කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම ඉශ්‍රායෙල් කඳවුරෙන් ගැළවී ආයෙමියි ඔහුට කීය.
තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.
එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.
ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, නුඹ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය.
නුඹ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය.