මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.
අහෝ බලවතුන් වැටුණු හැටි! යුද්ධායුධත් නාස්තිවුණ හැටි!
බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.
නුමුත් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් දාවිත් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටියේය. යොනාතාන් එය දාවිත්ට දන්වමින්: මාගේ පියවූ සාවුල් නුඹ මරන්ට සොයන්නේය. ඒ නිසා නුඹ හෙට උදේ ප්‍රවේසම්වී රහස් තැනක සැඟවී සිටින්න.
යොනාතාන් දාවිත් කෙරෙහි පැවති ආදරය නිසා නැවත ඔහු දිවුරෙවුවේය. මක්නිසාද ඔහු තමාගේ ප්‍රාණයටමෙන් ඔහුට ආදරේවුණේය.
ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.
එවිට සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් නැගිට අවුත් කැලෑවේ සිටි දාවිත් ළඟට ගොස්, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ අත බලවත්කරමින්,