මරනලද්දවුන්ගේ ලෙයින්ද බලවතුන්ගේ තෙලින්ද යොනාතාන්ගේ දුන්න පස්සට නොපැන්නේය, සාවුල්ගේ කඩුවද සිස්ව හැරීනායේය.
මක්නිසාද මම උතුරු දේශයෙන් මහත් ජාතීන් රාශියක් බබිලෝනියට විරුද්ධව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් ඈට විරුද්ධව සැරසී සිටිනවා ඇත; ඈ ඔවුන්ගේ අතට අසුවෙනවා ඇත. ඔවුන්ගේ ඊගස් දක්ෂ බලවන්තයෙකුගේ ඊගස් වැනිය; ඒවා නිකම් හැරී එන්නේ නැත.
මාගේ ඊගස් මැරුම්කෑවුන්ගේද වාලට ගත්තවුන්ගේද ලෙයින් මත්කරන්නෙමි; මාගේ කඩුවද සතුරාගේ කේශ සහිත මුදුනෙන් මාංස කන්නේයයි මාගේ අත ස්වර්ගය දෙසට ඔසවා කියමියි කියනසේක.
මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.
ඔහු වික්‍රමාන්විතව ක්‍රියාකරනුයේ, අමලෙක්වරුන්ට පහරදී, ඉශ්‍රායෙල් කොල්ලකන අයින්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේය.
යොනාතාන් තමාගේ සළුව ගළවා ඒකද කඩුවත් දුන්නත් ඉඟපටියත් ඇතුළුව තමාගේ ඇඳුමද දාවිත්ට දුන්නේය.