එම්බා ඉශ්‍රායෙල්, නුඹේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි!
සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
අහෝ බලවතුන් සටන මැදදී වැටුණු හැටි! අහෝ යොනාතාන්, නුඹේ උස් තැන් පිට නුඹ මැරුම්කෑවෙහිය.
අහෝ බලවතුන් වැටුණු හැටි! යුද්ධායුධත් නාස්තිවුණ හැටි!
ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.
මක්නිසාද උන්වහන්සේ ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත.
ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.
අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.
එවිට මම සියලු ජනයන් සමග කළාවූ මාගේ ගිවිසුම වලංගුකරන පිණිස ප්‍රසන්නකම නම්වූ මාගේ සැරයටිය රැගෙන කඩාදැමුවෙමි.
එසේ මරන්ට සිටි බැටළු රැළ පෝෂණයකෙළෙමි, ඔව්හු සැබෑවටම අසරණ රැළක්ය. මම සැරයටි දෙකක් රැගෙන එකකට ප්‍රසන්නකමය කියාද අනිකට බැඳුම්ය කියාද නම් තබා, බැටළු රැළ පෝෂණයකෙළෙමි.
තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.