දාවිත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් ගැන මේ විලාප ගීය කියමින් වැලපුණේය.
දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය.
එම්බා ඉශ්‍රායෙල්, නුඹේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි!
රජ්ජුරුවෝ අබ්නේර් ගැන විලාප ගීයක් කියමින්: මෝඩයෙක් මැරෙන්නාක් මෙන් අබ්නේර් මැරෙන්ට යුතුද?
යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.
මාගේ මිත්‍රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්‍රියා කෙළෙමි. මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර සිටියෙමි.
මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.