දාවිත් තමාට එපවත් කී තරුණයාට කථාකොට: නුඹ කොහේ කෙනෙක්දැයි ඇසීය. මම විදේශියෙක්වූ අමලෙක් මනුෂ්‍යයෙකුගේ පුතෙක් වෙමියි ඔහු කීවේය.
තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.
නුඹ කවුදැයි ඔහු මාගෙන් ඇසුවේය. මම අමලෙක් මනුෂ්‍යයෙක්මියි ඔහුට උත්තරදුනිමි.
නුඹ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය.