මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.
ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.
ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.
මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
ස්වාමීන්වහන්සේගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.
ඔව්හු එලිෂාමා ලේකමගේ ඇතුල් ගෙයි පොත තබා මළුවට රජු ළඟට ගොස් රජු අසා සිටියදී ඒ සියලු වචන කීවෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි යූදා රජවරුන්ගේ ඇටද ඔවුන්ගේ අධිපතීන්ගේ ඇටද පූජකයන්ගේ ඇටද අනාගතවක්තෘවරුන්ගේ ඇටද යෙරුසලමේ වැසියන්ගේ ඇටද ඔවුන්ගේ සොහොන්ගෙවලින් එළියට ගෙනැවිත්,
ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.
මනුෂ්‍යයන්ගේ මළකඳන් කෙත් පිට කසළ මෙන්ද ගොයම් කපන්නාට පස්සෙන් ගොයම් මිටි මෙන්ද වැටෙනවා ඇත, කිසිවෙක් ඒ එකතු නොකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
යෙශ්‍රයෙල්ද යොක්දෙයාම්ද සානොවාද,