නුඹ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු සොයාගන එහි ඇතුල්වී, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගන ඇතුල් ගෙයකට ගොස්,
ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය.
එවිට මීකායා: නුඹ සැඟවෙන පිණිස ඇතුල්ගෙයකට යන දවසෙහි දැනගන්නෙහියයි කීවේය.
එකල යේහු තමාගේ ස්වාමියාගේ සේවකයන් වෙතට ආයේය. එක්කෙනෙක්: සියල්ල හොඳද? ඒ පිස්සා නුඹ ළඟට ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: ඒ මනුෂ්‍යයාත් ඔහුගේ කථාවත් නුඹලා දන්නහුයයි ඔවුන්ට කීවේය.
මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)
මුරකාරයාද: ඔහු ඔවුන් ළඟට පැමුණුණ නුමුත් නැවත නොඑන්නේය. දැක්කීම නම් නිම්ෂීගේ පුත්‍රවූ යේහුගේ දැක්කීම වාගේය; මක්නිසාද ඔහු වේගයෙන් දක්කන්නේය කියා දැන්නුවේය.
ඔහු ඇතුල්වෙන කොට සේනාපතියෝ හිඳගෙන උන්නෝය; එවිට ඔහු: අධිපතියාණනි, නුඹට වචනයක් කියන්ට මට තිබේයයි කීය. අප සියල්ලන්ගෙන් කාටදැයි යේහු ඇසීය. අධිපතියාණෙනි, නුඹටයයි ඔහු කීවේය.