එවිට ඔහු දෙවෙනි අසරුවෙකු යැවීය, ඔහුද ඔවුන් ළඟට ඇවිත්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය.
එකල යේහු තමාගේ ස්වාමියාගේ සේවකයන් වෙතට ආයේය. එක්කෙනෙක්: සියල්ල හොඳද? ඒ පිස්සා නුඹ ළඟට ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: ඒ මනුෂ්‍යයාත් ඔහුගේ කථාවත් නුඹලා දන්නහුයයි ඔවුන්ට කීවේය.
යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය.
මෙසේ එක්කෙනෙක් අශ්වයෙකු පිට නැගී ඔහුගේ පෙරමගට ගොස්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. මුරකාරයා කථාකොට: පණිවිඩකාරයා ඔවුන් ළඟට පැමුණුණ නුමුත් ආපසු නොඑන්නේයයි කීවේය.
මුරකාරයාද: ඔහු ඔවුන් ළඟට පැමුණුණ නුමුත් නැවත නොඑන්නේය. දැක්කීම නම් නිම්ෂීගේ පුත්‍රවූ යේහුගේ දැක්කීම වාගේය; මක්නිසාද ඔහු වේගයෙන් දක්කන්නේය කියා දැන්නුවේය.
දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.