Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 8:8

Sinhala Revised Old Version

රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේපකරන්න.

හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය යේහු මරන්නේය. යේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා මරන්නේය.

ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.

තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය.

ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය.

සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.

එක් කෙනෙක් කථාකොට: ස්වාමිනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්:

ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට:

එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්