නැගිට රැයින් පලාගියෝය. ඔව්හු තමුන්ගේ කූඩාරම්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගළවාගන්ට පලාගියෝය.
රථයක් රිදී ෂෙකෙල් හසියයකටත් අශ්වයෙක් එකසිය පනහකටත් මිසරයෙන් ගෙනැවිත් විකුණන්ට යෙදුණේය. ඔවුන් එනකොට හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ඔව්හු එලෙසම ගෙනත් දුන්නෝය.
එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.
භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.
ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය.
සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය.
රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,
මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.
ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලාගියෝය.
කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.