කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද?
සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.
අපි නුවරට ඇතුල්වෙමුයයි කීවත් නුවර සාගතය තිබෙන බැවින් අප එහි නසිනවා ඇත. මෙහි සිටියත් නසිනවා ඇත. ඉන්නිසා දැන් එන්න, අපි සිරියවරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂාකළොත් අපි ජීවත්වන්නෙමුව; ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධවෙනවා පමණකැයි කීවෝය.
එකල්හි රජ: එලිෂා කළාවූ සියලු මහත් දේවල් මට කියන්නැයි කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කථාකරකර සිටියේය.
බබිලෝනියේ රජුට සේවය නොකරන ජාතියට විරුද්ධව ස්වාමීන්වහන්සේ කියා තිබෙන ලෙස නුඹ සහ නුඹේ සෙනඟත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේ මක්නිසාද?
අපි කුමට නිකම් හිඳිමුද? නුඹලා රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.
වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.
ස්වාමීන්වහන්සේද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක.