2 රාජාවලිය 7:17Sinhala Revised Old Versionතමාගේ අත පිට රජු හේත්තුවී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත්කරනලද්දේය. ඔහු දොරටුවේදී සෙනඟට පෑගී මැරුණේය. මෙසේ රජු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධවුණේය. පරිච්ඡේදය බලන්න |
එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.