එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.
ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත් ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
ඔවුන්ට ඒවා කන්ට නොහැකිවිය. ඔහුද: එසේවීනම් පිටි ගෙනෙන්නැයි කියා ඒවා සැළියෙහි දමා කථාකොට: කන පිණිස සෙනඟට වත්කර දෙන්නැයි කීවේය. එවිට සැළියෙහි කිසි වසක් නොවීය.
එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය.
ඔහු: ඒක අරගන්නැයි කීය. හෙතෙම අත දිගුකර ඒක ගත්තේය.
ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට: