එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.
තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.
දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.
රජකම සාවුල්ගේ වංශයෙන් අහක්කර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි පිහිටුවන පිණිස,
තවද ආහබ් එලියා දුටු විට ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් කලඹන තැනැත්තේ නුඹදැයි ඔහුට කීවේය.
එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය.
එවිට සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමින්: අදොනියා ඒ වචනය තමාගේම ප්‍රාණයට විරුද්ධව නොකීයේනම් දෙවියන්වහන්සේ මට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වා.
බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.
ඉශ්‍රායෙල් රජද: ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායානම් තව එක්කෙනෙක් සිටියි. එහෙත් ඔහු මා ගැන අනාගත වචනයෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්ද: රජ්ජුරුවෝ එසේ නොකියත්වයි කීවේය.
එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.
අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.
මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය.
නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
සාවුල්ද: යොනාතාන්, නුඹ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය.
මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.
එවිට ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ නුඹට කී සියලු දෙයින් නුඹ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ නුඹට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වයි කීවේය.