එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා නුඹලා ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය.
ඒ මනුෂ්‍යයා: ඔව්හු මෙතැනින් පිටත්ව ගියෝය. මක්නිසාද දොතාන්ට යමුයයි ඔවුන් කියනවා මට ඇසුණේයයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් සොයා ගියේය, ඔව්හු දොතාන්හිදී ඔහුට සම්බවුණෝය.
එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය.
ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය.
එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය.
රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.