ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය.
ප්‍රොපේතවරුන්ගේ පුත්‍රයන්ගෙන් එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ සහකාරයාට ස්වාමීන්වහන්සේගේ වචනයෙන් කථාකොට: මට ගසන්නැයි කීය. නමුත් ඒ මනුෂ්‍යයා ඔහුට ගසන්ට අකැමැතිවුණේය.
ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.
බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය.
යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තර දුන්නේය.
ප්‍රොපේත පුත්‍රයන්ගෙන් පනස්දෙනෙක්ද ගොස් ඔවුන් ඉස්සරහපිට දුරින් සිටියෝය. ඒ දෙදෙනාද යොර්දාන ළඟ සිටියෝය.
ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.
එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.
යොර්දාන ළඟට ගොස් එතනින් එක එකා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්ට අපට අවසර ලැබේවයි කීවෝය.
එසේය, උන්වහන්සේ නුඹ විපත්තිවලින් මුදා අවහිරකමක් නැති විශාල තැනකට පමුණුවනසේක; නුඹේ මේසයෙහි භෝජනයද තරකමින් පූර්ණවන්නේය.
ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.
යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.
දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.
සාවුල් දාවිත් ගෙනෙන්ට පණිවිඩකාරයන් යැවීය. ඔවුන් ධර්මවාක්‍ය පවසමින් සිට ප්‍රොපේත මණ්ඩලයද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයාව සිටින බවද දුටු විට දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගේ පණිවිඩකාරයන් කෙරෙහි පැමුණුණේය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.